• (+94)047-2232271
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
KOLAMBAGE ARA M.V.

කොළඹගෙආර මහා විදුහල

Embilipitiya Zone

  • Register
  • Login
KOLAMBAGE ARA M.V.

කොළඹගෙආර මහා විදුහල

Embilipitiya Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණය (Sample)
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතික අංශය (6-11 )
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 අලංකාර වන ලැහැබකින් ගහන සංඛපාල කදු වලල්ලෙ පසෙකින් පිහිටි කොලඹගේආර විදු බිමට පාදක වු අඩසියවසක තොරතුරු වලින් බිඩක් මෙසේ කියවන වග නම්,

කොලඹගේආර ග්‍රමය  සදහා පාසලක අවශ්‍යතාවය දුටු ගම්  වාසීන් පුජ්‍ය මහගම සුමනතිස්ස ස්වාමිද්‍රයාණන් වහන්සේගේ මග පෙන්වීමමත සංඛපාල විහරස්ථානයේ ඉදිකල මඩුවක 1946 වර්ෂයෙඩි පාසල ආරම්භ කොටා ඇත.ස්තිර පාසලක අවශ්‍යතාවය දුට කේ.මල්හාමි කට්ටඩි මහතා 1946 වර්ෂයෙදිම විහාරස්ථානයට කිලෝ මීටර් 01 පමණ දුරින් පිහිටි ඉඩම පරිත්‍යාග කළා පමණක් නොව,පාසල ආරම්භ කිරිමට මුලිකව ක්‍රියා කොට ඇත.පොල් අතු මඩුවකින් ඉදි වු තාවකාලික ගොඩනැගිල්ලේ සිසුන් 13 දෙනෙකුගෙන් පාසල ආරම්භ වී ඇත.පාසල ඉදිකිරිමෙ පුරෝගමී දායකත්වය ශ්‍රි සංඛපාල රජමහා විහරවාසී පූජ්‍ය් මහගම සුමනතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට හිමි වන අතර කේ.කේ අල්විස් මහතා ඒහි ප්‍රධානව කටයුතු කොට ඇත.1950 නොවැම්බර් මස 01 වන දින රජයේ පාසලට නතු වී ඇති අතර පාසලේ මුල් ගුරුතුමා වුයේ ආර්.ඒ.තේගිස් සිංඤෝ මහතා යි.

1960 දශකයේ අනෙත් විද්‍යාල අභිබවා මාණ්ඩලික තරග වලින් සුවිශේෂි ජයග්‍රහන ලබා ගත් මෙම පාසල ක්‍රිඩා හා භාෂා තරගවලින් සමඉථ ලංකා මට්ටම නියෝජනය කිරිමට ද සමත් වී ඇත.1962 වර්ෂයේ මුල්වරට අ.පො.ස(සා.පෙළ )විභාගය සදහා පස් දෙනෙකු පෙනී සිට ඇති අතර එවකට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 243 ක් ද ,ගුරුභවතුන් 5ක් ද වශයෙන් පැවතුණි.

1980 දශකයේ පාසල් මාතාව රන් අකුරින් ලියවුණ වකවානුවක් බවට පත් වී ඇත.භෞතික හා මානව් සම්පත් අතින් සතුට විය හැකි සංවර්ධනයක් ඇති වුයේ එමවකවානුව තුළදීය.එවකට පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 850 ක් දක්වා ඉහළ යාමත්,ගුරුභවතුන් 35ක් දක්වා වර්ධනය විමත් කැපී පෙනෙන ලක්ෂණ විය.

ගමනක පියසටහන් මෙසේ සනිටුහන් වෙද්දි කොළඹගෙ ආර විදුබිමේ බුද්ධිමතුන් උසස් වෘත්තිකයින් මෙන්ම මානව හිතවාදි යහපත් මිනිසුන් ගමට රටට දායාද වීම පාසල ලැබු මහගු ප්‍රතිඵලයකි.


අධ්‍යාපන ප්‍රගතිය අතින් සුවුශේෂි අවස්ථා හිමි කරගත් මෙම පාසල ක්‍රිඩා හ සිංහල භාෂා තරගවලින් සමස්ථ ලංකා මට්ටමට සුදුසුකම් ලැබුවෝ බොහෝ වෙති.2010 සමත්ථ ලංකා පාසල් රගර් ක්‍රිඩා තරගාවලියෙන් සමස්ථ ලංකා මට්ටමට සුදුසුකම් ලැබිය.

2010-2015 වර්ෂ වල ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් මට්ටමක ප්‍රතිඵල ලබා ගැනීමට සමත් විය.ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ ඇරඹි මෙම පාසල මේ වන විට ද භෞතික හා මානව සම්පත්වලින් පරිපුර්ණ නොවුව ද පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් විවිධ වු ජයග්‍රහණ ලබා ගෙන ඇත.ඉතා හොද ගුරු දෙගුරු සම්බන්ධතාවයන් පවති.තාවකාලික ගොඩනැගිල්ල වෙනුවට වර්තමානය වන විට ස්ථිර ගොඩනැගිලි කිහිපයක් ඉදි වි ඇත.
සබරගමු පළාත් පාසල් ඵලසපිරි සම්මානයෙන් 2012 වර්ෂයේදී කාර්යාල ඒකකය පිදුම් ලබා ඇත. 1-13 ශ්‍රේණි සිසුන් 700 ට වැඩි  කාණ්ඩයේ ප් මහාඅසල් අතරින් 2012 වර්ෂයේදී කොළඹගෙ-ආර මහා විද්‍යාලය ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබා ඇත. 2013 වර්ෂයේදී 1-13 සිසුන් 1000 ට වැඩි පාසල් කාණ්ඩයෙන්ඩ නැවත ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

අඩු පහසුකම් මධ්‍යයේ වුවද ගුරුවරුන්ගේ කැපවීම මත අ.පො.ස (සා.පෙළ ) හා (උ.පෙළ ) විභාගයෙන් උසස් ප්‍රතිඵල ලබා උසස් අධ්‍යාපනයට පිවිස රටට වැඩදායි සේවයක් කිරීමට සමත් විනය ගරුක පුරවැසියන් බිහි කිරීමට විදුහල් මාතාව සමත් වී ඇත.
                       දියුණුවේ පෙර නිමිති පහළ කරමින් පාසලට අඩුපාඩුවක්ව පැවති වාණිජ විෂය ධාරාව ආරම්භ වීම 2004.06.04 වන දින සිදු වූ බවට තොරතුරු වාර්තා කොට ඇත. විද්‍යා විෂය ධාරාව 2007.05.25 ආරම්භ වීමත් සමග කොළඹගෙ-ආර මහා විද්‍යාලය විශාල පෙරලියකට ලක් විය. උසස් පෙළ අංශය සදහා අඩුපාඩුවක්ව  පැවති තාක්ෂණ විෂය ධාරාවද 2015 වර්ෂයේ සිට ආරම්භ වී ඇත.
          2015,2016,2017 වර්ෂවලදී ක්‍රීඩා අංශයෙන් වොලිබෝල්,එල්ලේ තරග වලින් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීමටත් හැකි වීම පාසල ලැබූ ජයග්‍රහනයකි.
        2014 වර්ෂයේදී පාසල් දහසේ වැඩ පිළිවෙල සමග ර/ඇඹි/කොළඹගෙ-ආර මහා විද්‍යාලය 1   පාසලක් ලෙස නව මාවතකට අවතීර්න විය.පාසලේ භෞතික සම්පත් සංවර්ධනය උදෙසා ඉදිරි පියවරක් වශයෙන් මහින්දෝදය විද්‍යාගාරය ඉදිවීමත් සමග පාසල තුළ විශාල පෙරලියක් සිදු විය.පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන් සංඛපාල ශ්‍රි ගුණරතන විද්‍යාලයට සංක්‍රමනය වීමත් 6-13 පාසලක් ලෙස අ.පො.(උ.පෙළ )සියළුම විෂය ධාරාවන් ආරම්භ වීමත් මෙම වකවානුවේ සිදු වු විශේෂ වෙනසකි.එමෙන්ම පාසලේ අ.පො.ස.(උ.පෙළ ) ආරම්භ කරමින් ප්‍රථම වතාවට 2013 වර්ෂයේ සිසුන් විභාගයට පෙනී සිටි අතර සිසුන් දෙදෙනෙකු විශ්ව විද්‍යාලයට වරම් ලබා ගැනීම අප පාසල ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.සිසුන්ගේ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගැනීම සදහා පාසල ඉදිරිපිට බස් නැවතුපළක් ඉදිකරමින් සිසුන්ගේ දායකත්වයෙන් ප්‍රථම වතාවට          ලංකා ආයතනය හා එක්ව කටයුතු කිරීමට ලැබීම භාග්‍යයකි. එම තරගය හා එක්ව ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයෙන් ඉදිරිපත් වූ එකම පාසල ලෙස ප්‍රථම  ස්ථානය ලබා ගනිමින් ත්‍යාග ලබා ඇත.
           එපමණක්ද නොව පුස්තකාල පොත් පත්,ගණිතාකාර උපකරණ,විද්‍යාගාර උපකරණ ආදී සම්පත් රාශියක්ද විදු මවට තිලිණ වූ අතර නව තූර්යවාදක කණ්ඩායමක් හා ශිෂ්‍ය භට කණ්ඩායමක් නිර්මාණය කිරීම පාසලට මහත් ආලෝකයක් විය.
 

ආරම්භ කළ වර්ෂය

1946 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

13

මුල් ගුරුතුමාගේ නම

තේගිස් සිංඤෝ මහතා

පාසලේ ආදි කතෘගේ නම

කේ.කේ අල්විස් මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

 ර/ඇඹි/කොළඹගෙ-ආර මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

පූජ්‍ය් මහගම සුමනතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ

පාසල රජයට පවරාගත් දිනය

1950 නොවැම්බර් මස 01

පාසල පැවැත්වූ ස්ථානය

සංඛපාල විහරස්ථානයේ ඉදිකල මඩුවක

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1946 

 

 

 

{QF3=5}

KOLAMBAGE ARA M.V.

කොළඹගෙආර මහා විදුහල

Embilipitiya Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය - කොළඹගේ-ආර,ඇඹිලිපිටිය
  • දුරකථන(+94) 047-2232271
  • ෆැක්ස්(+94) 047-2232271

Supported By

© 2026 KOLAMBAGE ARA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk