![]() |
කොළඹගෙආර ග්‍රාමය සදහා පාසලක අවශ්‍යතාවය දුටු ගම වැසියන් පුජ්‍ය මහගම සුමනතිස්ස ස්වාමින්වහන්සේගේ මගපෙන්වීම යටතේ සංඛපාල විහාරස්ථානයේ ඉදිකළ මඩුවක 1946 වර්ෂයේදී පාසැල ආරම්භ කොට ඇත.ස්ථිර පාසලක අවශ්‍යතාවය දුටු කේ. මලහාමි කට්ටඩි මහතා 1946 වර්ෂයේදීම විහාරස්ථානයට කිලෝමීටර් 01 දුරින් පිහිටි ඉඩමක් පරිත්‍යාග කළ පමණක් නොව පාසැල ආරම්භ කිරීම සදහාද මුලිකත්වය ගෙන කටයුතු කර ඇත.
