ශ්‍රි පානා නිති තිරසර හසිනී
කොළඹගෙ-ආරේ විදුහල් මෑණි
ජය දද බදවා කිතු ගොස රදවා
ජයතු ජයතු මහ විදුහල් මෑණි….//
කොළඹගෙ-ආරේ විදුහල් මෑණි
ජය දද බදවා කිතු ගොස රදවා
ජයතු ජයතු මහ විදුහල් මෑණි….//
ධීර සාර වූ පුරා වතක් හිමි
මිණිපුර පෙදෙසට මහගු මිණක් බදු
ඥානා ලංකෘත ගුණෝප ශෝභිත
සැරදේ මහ විදුහල් මවුනේ ඔබ
ශ්‍රි පානා නිති...//
මිණිපුර පෙදෙසට මහගු මිණක් බදු
ඥානා ලංකෘත ගුණෝප ශෝභිත
සැරදේ මහ විදුහල් මවුනේ ඔබ
ශ්‍රි පානා නිති...//
දස දෙස පරසිදු මහ පඩුවන් සැදු
නව දරු කැළකගේ දිවිමග පෑදු
ශිල්ප විභූසිත සකල කලා ධර
සැරදේ මහා විදුහල් මව්නේ ඔබ
නව දරු කැළකගේ දිවිමග පෑදු
ශිල්ප විභූසිත සකල කලා ධර
සැරදේ මහා විදුහල් මව්නේ ඔබ
ශ්‍රි පානා නිති....//